ආණ්ඩුව බුදු දහමට ප්‍රමුඛතාවදී සසුන සුරකිනවා.. රටම මහා බුද්ධලම්බන ප්‍රීතියකින්…. ආණ්ඩුවට බැන ජනතා අප්‍රසාදයට ලක්වෙන්න එපා…! – ඕමාරේ පුඤ්ඤසිරි හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ඇතුළු මුළු ලෝකයම වර්තමාන ආණ්ඩුවේ ගමන හොඳ යැයි ප්‍රකාශ කරන අවස්ථාවක ඇතැම් භික්ෂුන් වහන්සේලා රට යන අත හොඳ නැතැයි කියන්නේ නම් ඔවුන් ජනතාවගේ අප්‍රසාදයට ලක්වන බව නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යාතනයේ විශ්‍රාමික නි. පරිවෙණාධිපති ඕමාරේ පුඤ්ඤසිරි හිමි පවසයි.
ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව පසුගිය වසරේ දළදා ප්‍රදර්ශනයක් ද මේ වසරේ ඉන්දියානු සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්ද පවත්වමින් බුදු දහමට ප්‍රමුඛතාව ලබාදෙමින් රාජ්‍ය පාලනය කරන බවත් ජනතාව පෙර නොවූ විරූ බුද්ධලම්බන ප්‍රීතියකින් කටයුතු කරන බවත් එහිමියන් පෙන්වා දෙයි.
භික්ෂූන් වහන්සේලාගේ අනවශ්‍ය ප්‍රකාශ නිසා භික්ෂූන් වහන්සේලා වසර ගණනක පෙර සිදුකළ දෑ පවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇතැයිද භික්ෂූන් සිය අඩුපාඩු සකසාගත යුතු බවද ඕමාරේ පුඤ්ඤසිරි හිමි ප්‍රකාශ කරයි.
සියල්ල අතහැර ශාසන සම්ප්‍රදාය තුළ ජීවත් වන අය ලෙස පුංචි පුංචි දේවල් උපදාන වශයෙන් අල්ලා ගෙන ආණ්ඩුව විවේචනය නොකළ යුතු බවද එහිමියන් අවධාරණය කරයි.්
උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.