ආණ්ඩුව නාමලුයි ශිරන්තිය CID ගෙනැල්ලා කොටි ඩයස්පෝරාව චූන් කරනවා…! – රාමනාදන් අර්චුනා…

February 3, 2026 at 7:02 pm | by emanisa.lk

නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා කොටි ඩයස්පෝරාවට පොඩි සොමියක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි රාමනාදන් අර්චුනා පවසයි.

කතානායක සිය තනතුරට අමතරව මන්ත්‍රී වරප්‍රසාදයද පාවිච්චි කර රු. ලක්ෂ 20ක පෙට්‍රල් භාවිත කළ බවට අල්ලස් කොමිසට පැමිණිලිකර ඇති බවද ආණ්ඩුවට මේවා ගැන නිහඬව සිටින්නට ලැජ්ජාවක් නැද්දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තුවේ සියලුම කෑම මාලිමාවේ මන්ත්‍රීවරුන් කා අවසන් කරන නිසා තමන්ට කෑම නොලැබෙන නමුත් කතානායකගේ පෞද්ගලික ලේකම්ට වෙනම කෑම ඇනවුම් කරන බවත් ඒ ගැනද අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇතැයිද රාමනාදන් අර්චුනා පෙන්වා දෙයි.

මාලිමා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් හොඳට කා බී මාදිවෙල නිවාසවලට ගොස් අඩියක් ගසා නිදා ගන්නා බවත් හොරු අල්ලන්නට පැමිණ ඩබල්ත කැබ් ගැනීමට සූදානම් වන්නේ තමන්ට ලැජ්ජාවක් නැද්දැයි ඔහු වැඩි දුරටත් විමසයි.

අද (03) පාර්ලිමේන්තුව අමතමින් රාමනාදන් අර්චුනා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *