ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තමන් වෙත ලබා දෙමින් පාස්කු ප්‍රහාර විමර්ශන පිළිබඳ ලබා දුන් පොරොන්දුව ඉටු නොකිරීම සහ ඒ් සඳහා විධිමත් වැඩපිළිවෙළක් දියත් නොකරීම තමන් සසල කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.
පාස්කු වින්දිතයන්ට පසුගිය මැතිවරණ සමයේ වෝහාරික විමර්ශනයට මගපෙන්වීමට විශේෂ අභිශෝධක කාර්යාලයක් ස්ථාපිත කරන බවට දුන් පොරොන්දුව ඉටු කොට නොමැති බව ද එතුමා පෙන්වා දෙයි.
ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ පළමු වෙළුමේ 200කට අධික නිර්දේශ කිසිවක් ආණ්ඩුව ඉටු කර නොමැති බව ද ඔ්නෑවට එපාවට සිදුකරන පර්යේෂණ වින්දිතයන්ට සිදුකරන අගෞරවයක් බව ද කාදිනල්තුමා අවධාරණය කරයි.
නීතිපති දෙපාර්තමේන්තුව මේ පිළිබඳ කිසිවක් නොකර සිටීම ලැජ්ජා සහගත බව ද ඇතැම් දේශපාලකයන්ට බැළමෙහෙවර කිරීමේ ආශාවෙන් කටයුතු කරන මෙම දෙපාර්තමේන්තූ සහ ඇතැම් උසස් නිලධාරීන් හැසිරෙන ආකාරය හෙළා දකින බව ද එතුමා සඳහන් කරයි.
ආගමික උත්සව අවස්ථාවක් අමතමින් කාදිනල්තුමා මේ බවකීය.