රටේ තුන්වෙනි බලවේගයට ජනාධිපතිවරයෙකු නිර්මාණය කළ හැකි වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබය සිය භූමිකාව ඉටු නොකළ නිසා බව සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි.
සර්වජන බලය රටට සහ ජනතාවට පිහිට වීමට පැමිණෙන්නේ සජබය අසාර්ථක වීම තුළ බවයි, ඔහු ප්‍රකාශ කළේ.
නව ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට තමන්ට උවමනා නැති බවත් ආණ්ඩුව ප්‍රකාශ කළ පරිදි රාජ්‍ය සේවක වැටුප් මාස හයෙන් හයට වැඩි කිරීමට, පෙට්‍රල් රු. 200ට ලබා දීමට, හොරු අල්ලා ගෙන ගාලු මුවදොර ගාල් කිරීමට අවශ්‍ය සහයෝගය සහ මගපෙන්වීම ලබා දීමට සිය පක්ෂය සූදානම් බව දිලිත් ජයවීර අවධාරණය කරයි.
අද (19) අනුරාධපුර නගරයෙන් ඇරඹී සර්වජන බලය මහ මැතිවරණ ප්‍රචාරක මංගල රැලියට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.