ආණ්ඩුව දිනකට රු. බිලින 5.6ක් ණය ගනී… මාස හයට ට්‍රිලියනයක ණය කන්දක්….!

October 19, 2025 at 11:29 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය 2025 වර්ෂයේ පළමු මාස 06 තුළ පමණක් රුපියල් ට්‍රිලියනයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භ කිරීමේ සිට බදු දැවැන්ත ලෙස ඉහළ දැමීමක් සිදුව තිබිය දී, සහ උපයෝගීතා සඳහා පිරිවැය-පිළබිඹු කරන මිල ගණන් ක්‍රියාත්මක කරමින් තිබියදී ත් මෙලෙස ණය මුදල දැවැන්ත ප්‍රමාණයකින් ඉහළ යාම විශේෂත්වයකි. මෙමඟින් රජයේ ණය ඉතා දරුණු අන්දමින් ඉහළ ගොස් ඇති බව පෙනී යයි.

2024 දෙසැම්බර් මාසය අවසන්වන විට රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 28.7 ක් වූ අතර, 2025 ජූනි මාසය වන විට මාස 06 ක කාලයක් තුළ එය රුපියල් ට්‍රිලියන 29.7 දක්වා ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණයකළ හැකිය.

දිනකට රුපියල් බිලියන 5.6 ක පමණ ඇදහිය නොහැකි අනුපාතයකින් මාස 06 ක් තුළ රුපියල් ට්‍රිලියන 01 ක ණය ඉහළ යාමක් මෙමඟින් පිළිබිඹු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *