ආණ්ඩුව තානාපතිවරුන් කැඳෙව්වත් නව පත්වීම් නෑ… තානාපති කාර්යාල 30%ක කටයුතු අඩාළයි…!

December 29, 2024 at 10:40 am | by emanisa.lk

නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රටවල් ගණනාවක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ආපසු කැඳවුව ද ඒ සඳහා නව නිලධාරීන් මෙතෙක් පත් කර නැතැයි වාර්තා වෙයි.

එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ධුරය, මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස් ධුර සහ රුසියාව, ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව, නේපාලය, බ්‍රසීලය ඇතුළු රටවල් 20ක තානාපතිවරුන් ද මෙලෙස ආපසු කැඳවා තිබේ.

මේ වන විට ලොව ප්‍රබල රටවල පවා තානාපති ධුරවල රාජකාරී වැඩබලන තානාපතිවරුන් ආවරණය කරන බව වාර්තා වෙයි.

දැනට ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ රටවල තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා කොන්සල් ජනරාල් කාර්යාල 60 ක් පමණ ස්ථාපිත කර තිබේ. එයින් තුනෙන් එකකට ප්‍රධානීන් නොමැතිවීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *