ආණ්ඩුව තවම කිසිම ආයෝජනයක් රටට ගෙනාවේ නෑ… හඳුන්ගේ මිලියන 650 කතාවත් බොරුවක්…! – හර්ෂ ද සිල්වා…

June 13, 2025 at 5:50 pm | by emanisa.lk

2025 පළමු කාර්තුවේ ඩොලර් මිලියන 650ක විදෙස් ආයෝජන ගෙන ආ බවට ඇමති සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

තමන්ට මෙවැනි විශාල ආයෝජනයක් රටට ලැබී ඇත්දැයි දැන ගැනීමට උවමනා වූ බවත් එය ලැබී ඇත්නම් විශාල ජයග්‍රහණයක් බවත් ඔහු පෙන්වා දෙයි.

එහෙත් ආණ්ඩුව එලෙස ආවේ යැයි කියන ආයෝජන හෙළි නොකරන බවත් තමන්ට දැන ගැනීමට ඇති පරිදි එවැනි කිසිදු ආයෝජනයක් රටට ලැබී නොමැති බවත් හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

සිරස ඉලක්කය වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *