ආණ්ඩුව ඩොක්යාර්ඩ් එක කුණු කොල්ලෙට ඉන්දියාව දීලා… මිලියන 50ක ආයෝජන ආවැයි පම්පෝරි ගහනවා…! – පුබුදු ජයගොඩ….

June 28, 2025 at 4:00 pm | by emanisa.lk

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක් බිල්ඩර්ස් සමාගමට ඩොලර් මිලියන 50කට ලබා දීමට ආණ්ඩුව ගිවිසුම් අත්සන් කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

“කොළඹ ඩොක්යාඩ් සමාගම නැව් අලුත්වැඩියාව සහ නැව් නිෂ්පාදනය සිදුකරන අතර රාජ්‍ය සමාගමක් ලෙස ලාභ ලබමින් තියෙද්දි 1993 අවුරුද්දේ ඒකේ කොටස්වලින් 51%ක් ජපානයේ ඔනිමිචි සමාගමට පවරා දුන්නා. එම ගිවිසුමට අනුව ජපාන සමාගම කිසියම් හෝ මොහොතක එම කොටස් තවත් පාර්ශ්වයකට පවරන්නේ නම් ශ්‍රී ලංකාවට නැවත එම කොටස් මිලදී ගන්න පුළුවන්. නමුත් එම කොටස් අවාසි සහගත ලෙස ඉන්දියානු සමාගමට පැවරෙන ගිවිසුමකට ආණ්ඩුව එකඟ වී තිබෙනවා.

ආණ්ඩුව මේකට කියන්නේ ඩොලර් මිලියන 50ක ආයෝජනයක් එනවා කියල. වෙන මුකුත් ඕනේ නෑ. මෙතන තියෙන දේපළ ඩොලර් මිලියන 130ක දේපළ. ඩොලර් මිලියන 130ක් වටිනා දේපළ තමයි ඩොලර් මිලියන 50කට දීලා තියෙන්නේ. කොළඹ වරායේ වටිනාම ඉඩම මෙතන තියෙන්නේ.

කොළඹ වරාය ලෝකේ වරාය ශ්‍රේණි ගතකිරීම්වල 16 වෙනි ස්ථානයේ ඉන්නේ. ඉතාම නුදුරේදී 13 වැනි ස්ථානයට පැමිණීමට නියමිතයි. කොළඹ වරායේ තියෙන අක්කර 25ක ඉඩමක් තමයි, ඩොලර් මිලියන 50කට දෙන්නේ. අපි මේක නිකන් හිතුවොත් අවුරුදු පහකට ලීස් කළා කියල ගාන හදල බලද්දී පර්ච් එක මාසෙකට කුලිය විදිහට ඩොලර් 200කට දීලා තියෙන්නේ.

ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක් බිල්ඩර්ස් සමාගම යුද ප්‍රහාරක නැව්, සබ්මැරීන් නිෂ්පාදනය කරන සමාගමක්. කුමන හෝ අවස්ථාවක ඉන්දියාව සමඟ තවත් රටක් යුද්ධයකට පැටලුනොහොත් ඉන් ශ්‍රී ලංකාවටද අහිතකර ලෙස බලපාන්න පුළුවන්.

මෙම ගිවිසුම සඳහා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් හෝ ලැබී නැහැ. ඒක ඉතාමත් ජනතා විරෝධී ක්‍රියාවක්. මේ ගිවිසුම ගැන නැවත සලකා බල්නන කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒ වගේම ඊට විරුද්ධව අධිකරණයට යන්න අපි බලාපොරොත්තු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *