ආණ්ඩුව ජාතිවාදය ආණ්ඩුවේ අවියක්… බුදු පිළිම සිද්ධිය එකක් විතරයි…! – දිලිත් ජයවීර….

February 14, 2026 at 9:50 am | by emanisa.lk

තිරිකුණාමලය බුදුපිළිම සිද්ධිය ආණ්ඩුව හිතාමතාම රට තුළ නොසන්සුන්තාවක් ඇති කිරීම සඳහා භාවිත කළ උපක්‍රමයක් බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

“මේ රටට සංවිධානාත්මකව එල්ල කරන සංස්කෘතික ප්‍රහාරය හෙළාදකින්නට තමයි අපි මැදිහත් වුණේ. ත්‍රිකුණාමලයේ සිද්ධිය එකක් පමණයි.

ඇත්තටම ඊට වැඩිය බරපතළ සිදුවීම් බොහොමයක් සිදුවුණා. මේක හිතාමතාම මේ රටේ නොසන්සුන්තාවක් ඇති කරන්න, ජාතීන් අතර සමගිය නැති කරන්න මේ ආණ්ඩුව භාවිත කරන උපකරණයක්. මේක අපට හොඳට පේනවා.”

ඊයේ (13) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *