ආණ්ඩුව ජනාධිපති මාධ්‍ය අංශයම සඟවයි… තොරතුරු පනතටත් කොකා පෙන්නයි…!

July 7, 2025 at 6:14 pm | by emanisa.lk

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ විස්තර ලබා දීම ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රතික්ෂේප කොට තිබේ.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර මෙම තොරතුරු ඉල්ලා ඇති අතර ජනාධිපති සහකාර ලේකම් ජී.පී.එච්.එම්. කුමාරසිරි පිළිතුරු ලිපියක් යොමු කරමින් එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.

ආණ්ඩුවේ ප්‍රධානියෙකුගේ පුත්‍රයෙකු එහි සේවය කරන නිසා මෙම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කොට ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා පළවෙයි.

මේ අතර උවිඳු කුරුකුලකුලසූරිය පවසන්නේ තොරතුරු දැන ගැනීමේ කොමිසමේ සභාපති ධූරයට හොරෙකු පත්කිරීමට ආණ්ඩුව සැරසෙන්නේ මෙම තොරතුරු හැංඟීමට බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *