ආණ්ඩුව ගත්තේ ආපහු යන්න බලා ගෙන නෙමෙයි…! – ජනපති…

February 2, 2025 at 5:36 pm | by emanisa.lk

ආණ්ඩු බලය ගත්තේ යළි යන්න බලා ගෙන නොවන බව ජනාධිපති අනුර දිසානායක පවසයි.

“මට උසාවියේ නඩු අහන්න බලයක් නෑ. රිමාන්ඩ් කරන්නේ වැරදිකාරයෙක් නෙමෙයි. අද රිමාන්ඩ් කරලා හෙට එළියට එන්න පුළුවන්. රිමාන්ඩ් කරන ඒවා ගණන් ගන්න එපා.

මේ පෙබරවාරිය සුබ මාසයක් වෙයි. සාමාන්‍යෙයන් කියන්නේ දින අඩු මාසයි අසුබයි කියලානෙ. අසුබ කට්ටියකුත් ඉඳියි. සාමාන්‍ය සත්‍ය නම් සොයා ගන්න බැරි හැම ඝාතනයක්ම පිටුපස දේශපාලකයෙක් ඉන්නවා. ඒ නිසා මේවා නිසි පරිදි පරීක්ෂණ සිදුවේවි.”

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල ජනහමු කිහිපයක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *