පසුගිය කාලය තුළ ඇතැම් නගර සභාවල අයවැය ආණ්ඩු පක්ෂය ජයගත් බවත් තවත් ඒවා පරාජය වූ බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (23)දින පැවැත්වූ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ට හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ළබා දෙමින් ඔහු මේ බව පවසා සිටියේය.
කොළඹ මෙන්ම සෑම මහ නගර සභාවක්ම වැදගත් බවත් එම වැදගත්කම හේතුකොට ගනිමින් ඉදිරි අයවැය සඳහා විපක්ෂය ද ආණ්ඩුවට පක්ෂව ඡන්දය දීමට පෙළඹෙනු ඇති බව ද ඇමතිවරයා කියා සිටියේය.
කෙසේ වුව ද අතරින් පතර නගර සභාවක් පරාජය වීම සමස්ත පරාජය වීමක් සේ නොසලකන බව ද අමත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.