1979 වසරේ මිහින්තලා පුද බිමට විදුලිය ලබා දීමට මූලිකත්වය ගත්තේ සිය පියාණන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
තමන් සංස්කෘතික ඇමැතිවරයා ලෙස එම පුදබිමේ සංවර්ධන කටයුතු සඳහා රු. ලක්ෂ 3200ක් වෙන් කළ බව ද හෙතෙම සඳහන් කළේය
ආණ්ඩුව විදුලිය විසන්ධි කළ මිහින්තලා පුදබිමේ විදුලි බිල ගෙවා දැමීමට පමණක් නොව අංගසම්පූර්ණ සෝලා පද්ධතියක් විහාරස්ථානයේ සවි කිරීමට ද ප්රායෝගිකවාදී විපක්ෂයක් ලෙස තමන් සූදානම් බවයි, සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ.