ආණ්ඩුව කරන්නේ බොරුවක්…තෙල් රු. 80න් අඩු කරන්න පුළුවන්…!

October 12, 2024 at 6:07 pm | by emanisa.lk

තෙල් මිල පහත දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව පරස්පර කතා කියමින් ඇතැයිි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

අනුර දිසානායක පැහැදිලිව ප්‍රකාශ කළ පරිදි තෙල් ලීටරයක් සඳහා අතිරේඛ රු. 50ක බද්දක් අය කරනුයේ තෙල් සංස්ථාව සත පහක් ණය නොමැති අවස්ථාවක බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

තෙල් සංස්ථාව මේ වන විට මාසිකව බිලියන 11ක් ලාභ ලබන බවත් පෙර කී රු. 50 ද සමග තෙල් මිල රු. 82.50කින් අඩු කළේ නම් එය ජනතාවට සහනයක් බවත් ආනන්ද පාලිත සඳහන් කරයි.

නෙත් ගුවන්විදුලිය සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *