ආණ්ඩුව ආපදා කළමනාකරණ කමිටුව අඩපණ කළා… කමිටුව රැස් කළේ අශ්වයා පැනලා ගියාට පස්සේ…! – එස්.එම්. මරික්කාර්…

December 7, 2025 at 11:31 am | by emanisa.lk

ආපදා කළමනාකරණ කමිටු පනත අනුව කමිටුව සෑම මාස තුනකටම වරක් රැස්විය යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන්ට ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙක් බවත් අවශ්‍ය යැයි හැඟෙන ඕනෑම මොහොතක එම කමිටුව රැස්කළ හැකි බවයි.

කෙසේ වුව ද මෙම ආණ්ඩුව පත් වූ පසු ආපදා කළමනාකරණ කමිටුව රැස්වූයේ එකම වතාවක් පමණක් බවත් මරිකක්කාර් පෙන්වා දෙයි.

පසුගිය 27 වෙනිදා දහවල් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සාකච්ඡා කළ අවස්ථාවේ ද වහාම ආපදා කළමනාකරණ කමිටුව රැස්කරන ලෙස තමන් ඉල්ලා සිටිය ද එය ප්‍රතික්ෂේප කළ ජනාධපතිවරයා එදිනම පස්වරු 6.30ට දුරකතනයෙන් අමතා රාත්‍රී 7.15ට ආරක්ෂක අමාත්‍යංශයට එන ලෙස දැනුම් දුන් බව ද ඔහු සඳහන් කරයි.

තමන් කිසි විටක මෙම ආපදාව තුළ දේශපාලනය නොකළ බවත් ඉදිරි වසර හතර අඩුපාඩු හදාගෙන ආණ්ඩුව පවත්වා ගෙන යන ලෙස ඉල්ලා සිටින බවත් එස්.එම්. මරික්කාර් අවධාරණය කරයි.

ආරක්ෂක ලේකම්වරයා 28 වෙනිදා ලිපියක් නිකුත් කරමින් 21 වෙනිදා සිට ආපදාවක් ඇතැයි ප්‍රකාශ කර ඇති බවත් ඔහුට එවැනි ලිපියක් නිකුත් කිරීමට පවා බලයක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *