2024 වසරට සාපේක්ෂව 2026 වසර වන විට ග්‍රාමීය දිළිඳුකම අවම කර ගැනීමට ආණ්ඩුව සමත්ව ඇතැයි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි පවසයි.
ජනතා විශ්වාසය තවත් තහවුරු කර ගනිමින් ජනතාව පැතූ පොහොසත් රට නිර්මාණය කර ගැනීම සඳහා ආණ්ඩුව ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය ආරම්භ කරන බවද ඇය සඳහන් කරයි.
ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන අතර ඔවුන්ගේ ජීවිත ගුණාත්මක වශයෙන් පොහොසත් කිරීමද රජයේ අරමුණක් බවයි, නිලන්ති කොට්ටහච්චි පෙන්වා දුන්නේ.