ආණ්ඩුව අවසානයේ සටන අතහරී… රන්මුවා මල්ටිප්ලග් ටෙන්ඩරය රිවර්ස්…!

July 15, 2025 at 5:52 pm | by emanisa.lk

පසුගියදා මහත් ආන්දෝලයට ලක් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යල සඳහා ඩිජිටල් හැඳුනුම්පත් හඳුනා ගැනීමේ ඒකක සඳහා මල්ටිප්ලග් මිලට ගැනීම සඳහා ලබා දුන් ටෙන්ඩරය අවලංගු කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.

රුපියල් 5900ක පමණ අවම ලංසුවලට අදාළ ටෙන්ඩරය ලබා නොදී රු. 72500කට අධික ඉහළ මිලකට එම ටෙන්ඩරය ව්‍යාපාරික ඉෂාර නානායක්කාරගේ සමාගමකට ලබා දී ඇති බවට චෝදනා නැගිණි.

එහි දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස සඳහන් කළේ එම චෝදනා නගන අයට ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් නොමැති බවයි.

එම ගනුදෙනුව පිළිබඳ දැඩි විවේචනයක් සමාජගත වීමත් සමග මෙලෙස ටෙන්ඩරය අවලංගු කිරීමට කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *