ආණ්ඩුව අල්ලස් ලබා දීමේ ගැටලුවක් නොමැති බවත් ගැටලුව ඇත්තේ අල්ලස් ලබා ගැනීමේ බවත් නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
“ආණ්ඩු පක්ෂෙන් මුදල් ගන්න එවුන්ගේනේ ප්‍රශ්නේ තියෙන්නේ. ගන්නේ අපේ පක්ෂෙ නෙමෙයිනේ. ගන්නේ සජබෙනෙ. ගන්නේ පොහොට්ටුවනේ. ගන්නේ පුටුවනේ. ඒ තරම් දුර්වල එවුන් දැම්මේ මොකටද?
අපට ප්‍රශ්නයක් නෑ. අපි සල්ලි දෙන එක නෙමෙයි ප්‍රශ්නේ සල්ලි ගන්න එන එවුන් කවුද කියලායි බලන්න ඕන. තමන්ගේ පක්ෂේ මිනිහා පාලනය කරගන්න බැරිව ලෝක විහිළු කරන්න එපා. ජාත්‍යන්තරේටත් හොඳ නෑ.”
ආණ්ඩුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අල්ලස් දී විරුද්ධ පක්ෂවල සභිකයන්ගේ සහාය ලබා ගන්නේ දැයි මාධ්‍ය විමසූ අවස්ථාවේ නි. ඇමති ටී.බී. සරත් මේ බව කීය.