අද ලොව පුරා පාර්ලිමේන්තු සාකච්ඡාවට බඳුන් කරන්නේ ඇමරිකාව විසින් පනවන ලද නව බදු පිළිබඳ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.
එහෙත් ලංකා පාර්ලිමේන්තුව අවුරුදු 35ක් පැරණි බටලන්ද වාර්තාව ගැන සාකච්ඡා කරමින් ඇතැයි ඔහු පෙන්වා දෙයි.
බටලන්ද වාර්තාව ගැන ආණ්ඩු පක්ෂය කෙතරම් උනන්දු දැයි කිවහොත් ආණ්ඩුවේ 159 දෙනා අතරින් ඊට සහභාගී වන්නේ 20 දෙනෙක් එනම් 1/8ක් පමණක් බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
මෙය හුදෙක් අල්ජසීරා විවාදය ඔස්සේ කතා බහට ලක්වීමත් සමග පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිදුකළ විරෝධතා සමනය කිරීමට සිදුකරන ක්‍රියාවක් බව ද ඩී.වී. චානක අවධාරණය කරයි.