ආණ්ඩුවේ මන්ත්‍රීලට කැබ් දුන්නා නම් ගමට යන්න තිබුණා…! – නලීන් බණ්ඩාර…

November 27, 2025 at 6:52 pm | by emanisa.lk

රට මුහුණ දී ඇති හදිසි ආපදා තත්ත්වය නිසා වී ගොවියා එළවළු ගොවියා ඇතුළු ගොවි ජනතාව ද සමස්ත රට වැසියා ද විශාල අර්බුදයකට මුහුණ දී ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.

මේ අවස්ථාවේ විශේෂයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පසුබැස නොසිට ගමට ගොස් ජනතාවට සහාය විය යුතු බවයි, ඔහු පෙන්වා දුන්නේ.

එසේ කළ නොහැකි වීමට හේතුව කැබ් එකක් නොමැති වීම දැයි නලීන් බණ්ඩාර ප්‍රශ්න කරයි.

බොහෝ වගාවන් දැනටමත් විනාශ වී ඇති බවත් ඒවා නැවත වගාවට ගොවි ජනතාවට වන්දි ලබා දිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *