වත්මන් ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවට වඩා මේ වන විට ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ පවතින ප්‍රසාදය ඉහළ මට්ටමක පවතින බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
”මැතිවරණ නිසි කලට නිසි වෙලාවට තියෙන එක අපේ ප්‍රතිපත්තියක්. ඒකට අදාලව තියන බාධා අයින් කරගෙන පළාත් සභා ජන්දේ ඉක්මනට තියන්න ඕන.
අපි බලයට එන මොහොතට වඩා දැන් අපිට තියෙන ජනතා ප්‍රසාදය වැඩියි. මොකද ජනතාවට පේනවා පොරොන්දු ඉෂ්ට කරමින් ඉදිරියට යනවා කියලා. ජනතාවට දීපු පොරොන්දුත් එක්ක තමයි බලන්න ඕන.”