ආණ්ඩුවේ ඉන්න දියුණුම ඇමැති විජේදාස… ඔහුත් එක්ක UNP විරෝධී ආණ්ඩුවක් හදනවා..! – රෝහණ ලක්ෂ්මන් පියදාස…

May 13, 2024 at 1:41 pm | by emanisa.lk

ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන්ට ඉන් එළියට එන ලෙස පක්ෂය දැනුම් දුන් බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

සිය පක්ෂයේ හතර දෙනෙකුට එක්ව විධායක සභා කැඳවීමට හෝ නිලතල බෙදා ගැනීමට හැකියාවක් නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.

ඒ අතර ආණ්ඩුවේ සිටින වඩාත් දියුණුම ඇමැතිවරයා ආණ්ඩුවෙන් ගලවා ගත් බවයි, ඔහු ප්‍රකාශ කළේ.

පක්ෂයට ආදරයක් ඇත්නම් විකාර වැඩ නවතා යූඇන්පී විරෝධී ආණ්ඩුවක් ගොඩනැඟීමට එකතු වන ලෙස හතර දෙනාගේ කණ්ඩායමෙන් ඉල්ලා සිටින බව ද රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *