ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයත් ජයග්‍රහණය කර වර්තමාන රජයේ වැඩපිළිවෙළ ඉදිරියටම ගෙන යා යුතු බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ අගමැතිනියට ප්‍රකාශ කළහ.
ඒ, අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මැතිනිය අද (28) මහනුවර දළදා මාළිගාව වැඳපුදා ගෙන මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ද බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.
ජාතික ජන බලවේග රජය රාජ්‍ය පාලනය භාරගැනීමෙන් පසුව රට තුළ ඇති වී තිබෙන වෙනස පිළිබදව මහනාහිමිවරු අගමැතිනියට උන්වහන්සේලාගේ ප්‍රසාදය පළ කළ අතර තව දුරටත් එම කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමට ආශීර්වාද කරන බව ද පැවසූහ.
නායකත්වය සෘජුව ඉදිරියට යන විට අනෙක් අය ද ඒ පසුපස පැමිණෙන බවයි, එහිදී මහනායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ.