ආණ්ඩුවේ ආර්ථික උපදේශක ලෙස කටයුතු කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
එහෙයින් ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන්ට වැටුප් ගෙවමින් නඩත්තු කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් නැති වැඩක් බව ද හෙතෙම කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන සියලු දේ ආණ්ඩුව සිදු කරන නිසා ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරුන්ට කිසිදු කර්තව්‍යක් නොමැතිව නිකරුණේ සිටින බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමට මෙන්ම රටේ ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට දක්ෂ ආර්ථික කණ්ඩායමක් සිටින එකම පක්ෂය බවට සමගි ජන බලවේගය පත්ව ඇතැයිද රහුමාන් මහතා කීවේය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.