රජයෙන් මත්පැන් බලපත්‍ර (බාර් ලයිසන්) ගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස වහාම එම බලපත්‍ර රජයට නැවත බාර දෙන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන් කිසිවකුත් මත්පැන් බලපත්‍ර මෙතෙක් රජයට යළි බාරදී නැතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ අතර බදුල්ල රිදීමාලියද්ද මත්පැන් අලෙවිසල් හයක් විවෘත කිරීමට රජය බලපත්‍ර මෑතක දී ලබාදී ඇතැයි ඒ සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා පිරිසක් සහ සිවිල් සංවිධාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී පැමිණිලි කර ඇත.
මින් එක් බලපත්‍රයක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ මැදිහත්වීමෙන් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ බිරිඳගේ නමට ලබාගෙන ඇති බව දැනගන්නට ඇත. විපක්ෂ නායකවරයා එම මත්පැන් බලපත්‍රය වහාම රජයට නැවත බාරදෙන ලෙස එම මන්ත්‍රීවරයාට දැනුම්දී ඇතත් ඔහු ද ඊට ඇහුම්කන්දී නැතැයි වාර්තා වේ.