ආණ්ඩුවට හීලෑ නැති විනිසුරුවරු මාරු කරනවා…YouTube සුදාත් නඩු අහනවා… මේකද රකිනවා කී නීතියේ ආධිපත්‍යය…!

August 21, 2025 at 7:30 pm | by Namal

හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්නා බවත් එසේ නොකළහොත් සිය YouTube නාලිකාව නවතා දමන බවත් සුදා හෙවත් සුදත්ත තිලකසිරි පවසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසයි.

මෙය රටේ නීතියට සහ විනිසුරුවන්ර සිදුකරන ලද බලපෑමක් බව ද ඔහු ප්‍රකාශ කරයි.

මේ, ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කළ නීතියේ ආධිපත්‍ය සුරැකීම දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

රවී සෙනෙවිරත්නගේ චෝදනා පත්‍රය සංශෝධනයට අකමැති වූ විට ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කරන්න යැයි කී විට ආණ්ඩුව විනිසුරුවරුන් මාරුකරමින් විශාල අර්බුදයක් නිර්මාණය කර ඇති බවට දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *