ආණ්ඩුවට බිලියන 4500ක ආදායම් සොයා ගන්නැයි IMF දැන්නුවා…! – පාඨලීි…

January 11, 2025 at 5:12 pm | by emanisa.lk

රුපියල් බිලියන හාරදාස් පන්සීයකට අධික රාජ්‍ය ආදායමක් මේ වසරේ සොයා ගන්නා ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දන්වා ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් සංවිධානය කරන ලද සාකච්ඡාව සඳහා එක්වෙමින් විදුලි ගාස්තු පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

“අද මේ රට පාලනය කරන, ජාත්‍යන්තර මූල්‍යය අරමුදල, ක්‍රිස්ටියානා ජෝර්ජියාවා මැතිනිය, එතුමිය දීලා තියෙනවා ආණ්ඩුවට ඉලක්කයක්. බිලියන් හාරදාස් පන්සීයකට අධික ප්‍රමාණයක් මේ වසරේ හොයාගන්න කියලා.

ඒ හොයාගන්න යන්නේ මේ බද්දයි, තෙල් බද්දයි. ඒ බදු දෙකෙන් බිලියන හාරසීයක් එකතු කරගත යුතුයි. එහෙම වුණොත් තමයි මේ හාරදාස් පන්සීය ගන්න පුළුවන්. ඇත්ත ඕකයි. ඒ ඇත්ත කියන්නේ නැතුව, මේ ව්‍යාජ ඉලක්කම් පෙන්වීම, රට නොමඟ යැවීමක්, දේශපාලන නොමඟ යැවීමක්, සහ අනෙකුත් කාරණා.

ඒ නිසා අපි ඉල්ලන්නේ වෙන මොකුත් නෙවෙයි, කරුණාකරලා අපෙන් වැඩියෙන් අයකරගත්ත ටික, අපේ ජනතාවට දෙන්න පාඩුවක් සිද්ධ වුණොත් ඔය කියන විදියට ලංකා විදුලිබල මණ්ඩලය කියන විදියට වහින්නෙ නැතුව ඉඳලා එහෙම ප්‍රශ්නයකුත් ඊළඟ හය මාසෙදි ඒක ගන්න. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමවේදය.

අනාගතය සඳහා පුරෝකථනය කරලා අය ක්‍රම හදන්න බෑ. අතීතයට ගැලපෙන විදිහට හදන්න. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයට ඉලක්ක දෙන්න. මෙහෙ කොහෙවත් නෑ කරන්න මෙච්චර කියලා. ඔබගේ කාර්යක්ෂමතාව නංවන්න එකක් නෑ. කිසිම දෙයක් නෑ. ලංකා විදුලිබල මණ්ඩලයේ ඔක්කොම ප්‍රශ්න ටික මෙතෙන්ට දාලා තියෙනවා.

දැන් ගිය අවුරුද්දේ විදුලි කප්පාදුවක් වුණා සමනල වැව. මොකක්ද? සමනල වැව හිඳුණා. හරි. මොකද හේතුව? හම්බන්තොටට ගහන්න ගිය එක නිසි කාලෙදි ඉවර කළේ නෑ. මීටර් පොඩි ගානක ප්‍රශ්නයක් මත අවුරුදු තුනක් පාඩු කළා. රටට කොච්චර පාඩු වුණා ද? ගොවියන්ට කොච්චර පාඩු වුණා ද? ලංකා විදුලිබල මණ්ඩලයේ එක බාරව හිටපු ඉංජිනේරුවට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? කීදෙනෙක්ට මෙහෙම වෙලා තියෙනවද? මේ ඔක්කොම අන්තිමට යනවා මහජනයා පිටින්.

ඉතින් ඒක නිසා කරුණාකරලා ඔවුන්ට කේ. පී. අයි. අඳුන්නලා දීලා ඔවුන්ටත් දෙන්න ඉලක්කයක් බිලියන මෙච්චර ගානක් ඉතුරු කරන්න. එහෙම වුණොත් තමයි ඒගොල්ලෝ වැටුප් වර්ධක ලැබෙන්නේ කියලා. එහෙම නැතුව ඒගොල්ලන්ගේ බලය පාවිච්චි කරලා ඒ කටයුත්ත කරන්න දෙන්න එපා. අනාගතය පුරෝකථනය කරලා විදුලි බිල් ගහන්න බෑ. බදු ගහන්න බෑ. අතීතයේ තත්ත්වය බලලා ඒ සහනය ලබා දීලා, ආර්ථිකයත්, අපේ ජනතාවත් ගලවගන්න කියලා ඔබතුමාලගෙන් ඉල්ලා හිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *