ආණ්ඩුවට බහුතරය ගන්න අමාරුයි…! – රනිල්…

November 14, 2024 at 6:43 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ කටයුතු අබාන්ස් ආයතනයට භාරදුන් බවත් තමා පැමිණියේ ව්‍යවස්ථාව ශ්‍රම දානයකට නොව ඡන්ද බලය පාවිච්චි කිරීමට බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ විශ්වවිද්‍යාලීය කොලෙජ් හවුසියේ දී අද (14) දහවල් සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තමන්ට ලැබී ඇති තොරතුරු අනුව ජනාධිපතිවරණයට පැවැති උනන්දුව මෙවර නොමැති බවයි, ඔහු ප්‍රකාශ කළේ. ඇතැම් විට ජනතාව අපේක්ෂකයා හඳුනන්නේ නැති බව ද හෙතෙම කීය.

ඡන්ද භාවිතය අඩු වුවහොත් ආණ්ඩුවට බහුතරය ලබා ගැනීම අසීරු වනු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *