ආණ්ඩුවට පොත් ලක්ෂ හතරක් ගහලා පිටු ලක්ෂ අටක් කඩනවා…! – රාජිත සේනාරත්න…

January 5, 2026 at 10:35 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව පෙළ පොතක් මුද්‍රණය කරගත නොහැකි තත්ත්වයට ඇද වැටී ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

පොත් ලක්ෂ හතරක් මුද්‍රණය කර පිටු දෙක බැගින් පිටු ලක්ෂ අටක් කැඩීම දැන් ආරම්භ කර ඇති බව ද හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

මෙම නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුව රටේ ජනතාව මිලියන 220න් 200ක් බලන හිරු දෙරණ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙන බව ද එවිට ජනතාව නිහඬව සිටිනු ඇතැයි නොසිතිය යුතු බවත් රාජිත සේනාරත්න පෙන්වා දෙයි.

පෙර ආණ්ඩු සමයේ සියලු වැරදි දේශපාලකයන්ට පැටවුව ද වර්තමාන ආණ්ඩුව යටතේ සියලු වැරදි රාජ්‍ය නිලධාරීන් පිට පටවමින් ආණ්ඩුව අත පිසදා ගන්නා බවට ද ඔහු චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *