වර්තමාන රජයේ කටයුතු සම්පූර්ණ කිරීමට සහයෝගය ලබා දිය යුුතු නිසා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අනුව සිය ඡන්දය ප්‍රකාශ කළ බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.
සියලු දෙනා සාමකාමීව එසේ කරන්නේ නම් සුදුසු බව ද කාදිනල්තුමා සඳහන් කළේය.
අද (14) උදෑසන ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාදිනල්තුමා මේ බව කීය.
කෙසේ වුව ද කිසිදු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් සිදු නොකළ යුතු නිහඬ කාලය තුළ කාදිනල්තුමා සිදුකළ මෙම ප්‍රකාශය විවිධ පාර්ශ්වවල විවේචනයට ලක්ව ඇත.