ජනතා විමුක්ති පෙරමුණ විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් බව කියන ගම්පහ යක්කල පාරේ සල්මල් උයන පිහිටි පක්ෂ කාර්යාලයේ නිත්‍යානුකූල අයිතිය පෙරටුගාමී පක්ෂයට හිමි විය යුතු බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (30) නියෝග කර ඇත.
වසර කිහිපයක් තිස්සේ තම පක්ෂ කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල මීට වසරකට පමණ ඉහතදී ජනතා විමුක්ති පෙරමුණ විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් බව පවසමින් පෙරටුගාමී පක්ෂය අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.
දීර්ඝ කාලයක් පැවති එම නඩු විභාගයෙන් අනතුරුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න තීන්දුව ලබාදෙමින් එම පක්ෂ කාර්යාලයේ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට භාර දෙන ලෙස නියෝග කර තිබේ.