ආණ්ඩුවට අතීත ගල් අඟුරු නැව් පල්ලේ හැංගෙන්න බැරිවෙයි… ඉතිහාසයේ දැවැන්තම ගල් අඟුරු වංචාව ජාත්‍යන්තර පරීක්ෂණයෙන් තහවුරුයි…!

August 9, 2026 at 2:54 pm | by emanisa.lk

හිටපු බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක තැබූ ෆේස්බුක් සටහනකි.

අතීතයට ගල් ගහන්න ගිය ආණ්ඩුවේ ගල් අඟුරු වීදුරු මාලිගය කුඩුපට්ටම් වෙයි!

ඉතාම දූෂිත ලෙස Trident Champer නමැති ජාවාරම්කාර සමාගමට රටේ බලශක්තියේ ප්‍රධානම අංගය වන ගල් අඟුරු සැපයුම ලබා දුන් මේ ආණ්ඩුව, බාල ගල් අඟුරු නැව් පිටින් ගොඩබාන විට අප විසින් නැගූ විරෝධතාවලට පිළිතුරු දුන්නේ අතීතයේ සිට සිදු වූ ගල් අඟුරු ප්‍රසම්පාදනය ගැන සොයා බැලීමට කොමිසමක් පත් කරමිනි.

නමුත් මේ වන විට Bureau Veritas International Trade Australia Pty Ltd ආයතනය මගින් සිදු කළ Umpire Sample පරීක්ෂාව මගින්, මෙම රජය යටතේ ශ්‍රී ලංකාවට ආනයනය කළ සියලුම ගල් අඟුරු නැව්වල අඩංගු වූයේ තත්ත්වයෙන් බාල ගල් අඟුරු පමණක් නොව, අතිශයින්ම බාල ගුණාත්මකභාවයෙන් යුත් ගල් අඟුරු බව විද්‍යාත්මකව සනාථ වී හමාරය. ඒ සමගම ආණ්ඩුව විසින් මෙතෙක් කල් සඟවන්නට උත්සාහ කළ මහා ගල් අඟුරු වංචාව සාක්ෂි සහිතව තහවුරු වී ඇත.

තවද, GCV අගය 5900ට වැඩි ගල් අඟුරු සැපයීම සඳහා ගිවිසුම්ගත වී, GCV අගය 5900 වන ගල් අඟුරුවලට අදාළ මුදල් ලබාගනිමින්, GCV අගය 4800ටත් අඩු අතිශයින්ම බාල ගල් අඟුරු සැපයීම මගින් Trident Champer සමාගම වංචනික ලෙස ඉපයූ මුදල, රජය විසින් අය කරගත්තා යැයි කියන දඩ මුදල මෙන් කීප ගුණයකටත් වඩා වැඩිය.

මේ කරුණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් ද කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස