ආණ්ඩුකාර තොණ්ඩමාන් මාස 02කට සුඛෝපභෝගී වාහන 22ක් අරන්…!

August 19, 2023 at 9:59 am | by emanisa.lk

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් පසුගිය මාස දෙක තුළ නැගෙනහිර පළාත් සභාවට අයත් සුඛෝපභෝගී වාහන 22 ක් තම භාරයට ගෙන අයතා ලෙස පරිහරණය කරමින් සිටින බව වාර්තා වේ.

එම වාහන සඳහා මසකට රුපියල් ලක්ෂ 30 ක පමණ ඉන්ධන මහජන මුදලින් වැය කෙරේ.

මෙසේ ඔහු විසින් අත්පත් කරගත් වාහන සිය ඡන්ද බල ප්‍රදේශය වන නුවරඑළිය, බදුල්ල, මහනුවර හා මාතලේ යන දිස්ත්‍රික්කවල දේශපාලන කටයුතු සඳහා යොදවා ඇති බව ද වැඩි දුරටත් වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *