වයඹ, සබරගමුව, උතුරු හා නැඟෙනහිර පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව නව ආණ්ඩුකාර තනතුරු 5ක් සඳහා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් 4 දෙනකු සහ එක් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක් දැනට යෝජනා වී ඇත.
එජාප ප්රබයින් වන නවීන් දිසානායක, පාලිත රංගේ බණ්ඩාර, දයා ගමගේ, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, හිටපු පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් සහ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී පී.එස්.එම්. චාල්ස් ඒ සඳහා යෝජනා කොට ඇත.
වයඹ ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ, නැගෙනහිර ආණ්ඩුකාරිණී අනුරාධා යහම්පත්, සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව හා උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජාට දැනටමත් සිය තනතුරුවලින් ඉවත්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී තිබේ.
එම ඇතැම් ආණ්ඩුකාරවරුන් තම ධුරය රැකගැනීම සඳහා විවිධ දේශපාලන නායකයන් පසුපස යමින් ඇතැයි ද දැන ගන්නට තිබේ. කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එංගලන්ත සංචාරයෙන් පසු නව ආණ්ඩුකාරවරුන් පත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.