නැගෙනහිර, උතුර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් එම ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඒ අනුව අනුරාධා යහම්පත්, ජීවන් ත්‍යාගරාජා සහ වසන්ත කරන්නාගොට සිය තනතුරු අහිමි වනු ඇත.
නව ආණ්ඩුකාවරුන් අනිද්දා දිනයේ දී පත්කිරීමට නියමිත අතර ඒ සඳහා යෝජිත නම් අතර පාලිත රංගෙබණ්ඩාර, නවීන් දිසානායක, පී.එස්.එම්. චාල්ස් ආදීන්ගේ නම් ද වෙයි.