ආචාර්ය සියඹලාපිටිය ලංවිම සභාපති ධුරයට සමුදෙයි…!

May 11, 2025 at 11:40 am | by emanisa.lk

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී තිබේ.

ආචාර්ය සියඹලාපිටියගේ ධුර කාලය 2024 සැප්තැම්බර් 26 වැනි දින ආරම්භ වූ අතර ඔහුගේ ඉල්ලා අස්වීම පසුගිය සිකුරාදා (09) දින සිට බලාත්මක විය.

2023 වසරේ රු. බිලියන 61ක් ද 2024 වසරේ රු. බිලියන 141ක් ද ලාභ ලැබූ ලංවිම මේ වන විට පාඩු ලබමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *