හිටපු කතානායක අශෝක රන්වල ඒකමතිකව තෝරාපත් කර ගැනීමට දායක වූ තමන් ද රැවටී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.
ආචාර්ය පට්ටම් සහිතව අශෝක රන්වලගේ නම යෝජනා කළේ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය බව ද ඔහු පෙන්වා දෙයි.
මාලිමාවට ජන වරම ලැබුණේ එම පක්ෂයේ උගත්තු වියත්තු ආචාර්ය මහචාර්යවරු සිටින බව ප්‍රකාශ කළ නිසා වුව ද දැන් බලන විට ඒ බහුතරයකට ඇත්තේ හොර සහතික බව ද නලීන් බණ්ඩාර ප්‍රකාශ කරයි.