සිය ආචාර්ය උපාධිය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි මේ මොහොතේ තමන් සතුව නොමැති නිසා කතානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායක අශෝක රන්වල පවසයි.
තමන් ආචාර්ය උපාධිය ලබා ගත්තේ ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත පර්යේෂණායතනය මගින් අදාළ ලේඛන ඉක්මනින් ලබාගෙන ඉදිරිපත් කරන බව ද ඔහු අවධාරණය කරයි.
කෙසේ වුව ද තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවට ලක්වීම වැළැක්වීම උදෙසා කතානායක ධුරයෙන් ඉල්ලා අස්වන බවයි, නිවේදනයක් නිකුත් කරමින් අශෝක රන්වල සඳහන් කළේ.