අස්වැසුම නවත්වන්න සැලසුම්..!

September 14, 2023 at 9:42 am | by emanisa.lk

අවුරුදු 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, එම පුද්ගලයින් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලැස්මක් සකස් කළ බවය.

ඒ අනුව සමෘධි PLUS වැඩසටහන යටතේ එම පුද්ගලයින් විවිධ වෘත්තීන් සඳහා යෙදවීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් සමෘධි සංවර්ධන නිලධාරීන්ගෙන් සහ සමෘධි කළමනාකරුවන්ගෙන් අදහස් ලබා ගැනීම ද මේ වන විට ක්‍රියාත්මක බව වැඩ බලන අමාත්‍ය අනුප පැස්කුවෙල් වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *