අස්වැසුමක් යනු ඇස්බැන්දුමක් බවත් එය දැන දැනත් රාජ්‍ය පාර්ශ්වයේ මැති ඇමතිවරු ඊට පක්ෂව අදහස් ප්‍රකාශ කරන බවත් ඔවුන් තම දේශපාලන බලවතුන්ගේ විධානවලට අනුව වහලුන් එහෙයියන් අතකොලුවන් ලෙස කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී පොදුජන සමෘද්ධි වෘත්තීය සංගමය සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ය.
තමා රටේ ජනාධිපතිවරයා වූවා නම් මෙහි දී ප්‍රථමයෙන් ම සිදු කරනු ලබන්නේ කොවිඩ් තත්ත්වයෙන් පසු රටේ ගෘහයක සමාජ ආර්ථික ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හඳුනා ගැනීම බවත් ඒ තුළින් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් සඳහා සැබෑ දුප්පතුන් හඳුනා ගන්නා බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
සහනාධාර ලබා දිය යුත්තේ ඊට සුදුසකම් ඇති පුද්ගලයන්ට බවත් එම පුද්ගලයන් සොයා ගත යුත්තේ දත්ත කේන්ද්‍රීයව විද්‍යාත්මකව අපක්ෂපාතීව සියැසින් අවබෝධ කර ගැනීමේ ක්‍රම 03න් බවත් එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරය තුළ මේ සම්බන්ධයෙන් තමා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දැවැන්ත හඩක් නැගීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් විවිධ පාර්ශ්වයන්ට අවශ්‍ය පරිදි සමෘද්ධි සහනාධාරය විනාශ කිරීමට ඉඩ නොදෙන බවත් එහි ගැටලු ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට කටයුතු කළ යුතු බවත් මේ වැඩසටහන් විද්‍යාත්මකව දත්ත මත කේන්ද්‍රීයව මෙන්ම මනුෂ්‍යකම මූලික කර ගෙන ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.