‘අස්වැසුම’ සමාජ ආරක්ෂණ ප්රතිලාභ ලබාදීමේ වැඩසටහන ක්රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ විරෝධය පළ කරන බව එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසයි.
මෙම ක්රමය පැවති සමෘද්ධි ක්රමයට වඩා සාධාරණ නොවන බව පැවසූ මහ ලේකම්වරයා, 1995 දී 20% ක්ව තිබූ දුප්පත්කම 2015 මහින්ද රාජපක්ෂ යහපාලන රජයට රට භාරදෙන විට 6% ක් දක්වා අඩුකර තිබුණේ සමෘද්ධි වැඩසටහන මගින් බව ද පෙන්වා දුන්නේය.
අස්වැසුම ආරම්භ කිරීමත් සමඟ ලංකාවේ දැවැන්තම සංවර්ධන බැංකුවක් වන සමෘද්ධි බැංකුවට සහ එහි වත්කම්වලට සිදුවන්නේ කුමක්දැයි රජය රටට පැහැදිලි කළ යුතු බවත් දැනට රට පුරා සමෘද්ධි බැංකු ශාඛා 1100 ක් ඇති අතර ඒවායේ තිබෙන සමස්ත තැන්පතු ප්රමාණය රුපියල් බිලියන 200 ඉක්මවන බවත් ඔහු ප්රකාශ කරයි.
අස්වැසුම ප්රතිලාභීන් තෝරාගැනීම ගැන ද බරපතළ ගැටලු මතු වී ජනතා විරෝධයද එල්ල අතර පසුගියදා පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේ දී ද මැති ඇමැතින් බහුතරය අස්වැසුම ප්රතිලාභීන් තෝරාගත් ආකාරය ගැන දැඩි විරෝධය පළ කොට තිබේ.