අශෝක රන්වල නැවතත් කරළියට…. ආචාර්ය උපාධි සහතිකයේ ගැටලුව මෙන්න… නැවතත් කතානායක පුටුවට යෝජනා…!

September 12, 2026 at 11:10 am | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු කතානායක අශෝක රන්වලට සිය ආචාර්ය උපාධිය ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත්තේ ඔහු එම උපාධිය ලබා ගත්තේ පැවිදි නමකින් නිසා යැයි මාධ්‍ය වාර්තා කරයි.

88-89 භීෂණ සමයේ ජීවිතාරක්ෂාව පතා රන්වල ජපානයට පළා ගොස් ඇත්තේ භික්ෂුවක් වශයෙනි. ජපානයේදී ඔහු සිය ආචාර්ය උපාධිය හදාරා ඇත්තේද එම නමිනි. ඔහුට සිය ආචාර්ය උපාධිය ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ එහෙයිනි. එම සිදුවීම සමග මාලිමාණ්ඩුවට දැඩි දැඩි දෝෂාරෝපණයක් එල්ල වූ අතර අශෝක රන්වල සිය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්විය.

මේ අතර ඇතැම් කණ්ඩායම් පෙන්වා දෙන්නේ අශෝක රන්වලට මොරටුව විශ්වවිද්‍යාලයේ මූලික උපාධියක් ඇති බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවත් මූලික උපාධියක් නොමැතිව ආචාර්ය උපාධියක් කළ නොහැකි බවත්ය.

අනතුරුව එම ධුරයට වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් කළ අතර ඔහු පාර්ලිමේන්තුවේ කටයුතු කරන ඒකාධිපති ස්වරූපය මෙන්ම පෞද්ගලික ජීවිතයද කිසිසේත් එම උත්තරීතර තනතුරට නොගැළපෙන බවට මේ වන විට දැඩි සමාජ මතයක් නිර්මාණය වී ඇත. ජගත් වික්‍රමරත්න පිළිබඳ මේ විට අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබීම නිසා ඔහු තව දුරටත් කතානායක ධුරයෙහි කටයුතු කිරීමද අභියෝගයට ලක්කරමින් ඇත.

මේ අතර පසුගියදා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ නොහොබිනා ලෙස හැසිරෙන ජගත් වික්‍රමරත්න වෙනුවට නැවත අශෝක රන්වල එම ධුරයටපත්කරන ලෙසත් ඔහුගේ ආචාර්ය උපාධිය පිළිබඳ ප්‍රශ්න නොකරන බවත්ය. මේ අතර වර්තමාන කතානායක වෙනුවට අශෝක රන්වල නැවත පත්කරන්නේ නම් විපක්ෂය ඊට සහයෝගය දැක්වීමට තීරණය කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස