අශෝක රන්වල තුට්ටු දෙකේ දුරාචාරියෙක්… රැල්ලට ලැබුණු මන්ත්‍රිකම අතහැර ගෙදර යනු..! – සුදත්ත තිලකසිරි යුද්ධ ප්‍රකාශ කරයි..

February 16, 2025 at 11:27 am | by emanisa.lk

ආචාර්ය අශෝක රන්වල තමන්ට ආචාර්ය උපාධියක් ඇතැයි පවසා මාලිමා රැල්ලට පාර්ලිමේන්තුවට පැමිණි අයකු බව සුදත්ත තිලකසිරි පවසයි.

තමාට නොමැති ආචාර්ය උපාධියක් ඇතැයි රටට පැවසීම දුරාචාරි වැඩක් බව ද ඔහු ප්‍රකාශ කරයි.

ආචාර්ය උපාධිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුට්ටු දෙකේ වැඩක් යැයි පවසන රන්වල තුට්ටු දෙකේ මිනිහෙකු බවත් එවැන්නන් මාලිමාවට වැඩක් නැති බවත් සුදත්ත තිලකසිරි සඳහන් කරයි.

අශෝක රන්වල මාලිමාවට සැබවින්ම ආදරය කරන්නේ නම් මන්ත්‍රී ධුරය ලැයිස්තුවේ ඊළඟ අපේක්ෂකයාට ලබා දී ගෙදර යා යුතු බව ද හෙතෙම අවධාරණය කරයි.

එසේ නැත්නම් තමන්ට ආචාර්ය උපාධියක් නොමැති බව පාර්ලිමේන්තුවේ පවසා ප්‍රසිද්ධියේ සමාවගත යුතු බවත් නැත්නම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන තුරු සටන නතර නොකරන බවවත් සුදත්ත තිලකසිරි ප්‍රකාශ කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *