හිටපු කථානායක අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර තිබේ. ඊයේ (16) රාත්රියේ සිය නිවස ආසන්නයේදීම මෙම අනතුර සිදුවී ඇත.
කැලණිය බියගම මාර්ගයේ අසෝක රන්වලගේ බිරිඳ පැදවූ මෝටර් රථය නිවසට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී කැලණිය දෙස සිට පැමිණි තවත් මෝටර් රථයක් එම මෝටර් රථයේ ගැටී තිබේ.
අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරයාගේ නිවසේ රාත්රී ආරක්ෂක රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු විසින් අදාළ අනතුර සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කර ඇත.
අනතුර සිදුකළ අනෙක් මෝටර් රථයේ රියදුරා කළුතර උතුර ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිට ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.