අද උද්ඝෝෂණ කිරීම හොඳ නැතැයි කියන ජවිපෙ අවුරුදු 76ක් තිස්සේ උද්ඝෝෂණ කරමින් රට කරවීමට ඉඩ නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඉතිහාසය පුරා වැඩ වර්ජන විරෝධතා කරමින් රට ගිනි තැබූ ජවිපෙ බලයට පැමිණ වෘත්තීය සමිති හිසරදයක් යැයි චෝදනා කරන බවයි, මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
අවුරුදු 76ක් තිස්සේ රට කරන්න ඉඩ නොදුන් පිරිස 76 වසරකට පසු බලයට ආවත් රට කරවන්නට දන්නේ නැති බව ද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. මහ ලුනු ලේවායක් තිබෙන හම්බන්තොටට ද ලුනු ඉන්දියාවෙන් ගෙන එන තැනට රට වට්ටා ඇතැයි ද ඔහු සඳහන් කරයි.
අද (29) හම්බන්තොට දී මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ මේ බව කීය.