මාලිමාණ්ඩුවේ පිරිස අවුරුදු 60ක් තිස්සේ පරාජයට පත්ව එක වරක් ජයග්රහණය කර කෑකෝ ගසමින් ඇතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්රී ඩී.වී. චානක පවසයි.
එහෙත් මෙවර මැතිවරණයෙන් 70%ක ඡන්ද ප්රතිශතයක් අපේක්ෂා කළ ද එය අහිමි වූ වීමත් සමග පාර්ලිමේන්තුවේ පෙර නුවූ විරූ ලෙස කෑකෝ ගසමින් සිටින බව ද ඔහු පෙන්වා දෙයි. මෙවර මාලිමාවට 18%ක් ඡන්ද අහිමි වී ඇති බව ද මන්ත්රීවරයා පවසයි.
වත්මන් ආණ්ඩුවට සිය 3%ක ඡන්ද ප්රතිශතය ඉහළ නංවා ගැනීමට අවුරුදු 60ක් ගත වුව ද 2.5%ට වැටුණු තමන් මාස හතක් ඇතුළත නැවත 10%ට පැමිණි බව ද ඩී.වී. චානක සඳහන් කරයි.
අද (23) පාර්ලිමේන්තුව අමතමින් ඩී.වී.චානක මේ බව කීය.