අවුරුදු නැකතට රටම එක මිටට කිරිබත් කනවා වගේ මාර්තු 15 නැකතට එක මිටට රිලවු ගණිමු…! – නි. ඇමති නාමල්…

March 9, 2025 at 10:05 am | by emanisa.lk

සිංහල දෙමළ අවුරුදු සමරන සියලුම ජනතාව ඒ අවුරුදු නැකැත්වල දී එකට කැටි වෙනවාක් මෙන් මාර්තු 15 වෙනිදා සත්ව සංගණනයේදීත් මුළු රටම එකට පෙළ ගැසිය යුතු බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.

“දැන් මේ හැමෝම වගේ ප්‍රශ්න කරන එකක් තියෙනවානෙ, විනාඩි පහෙන් ගණන් කරන්න පුළුවන්ද කියන එක. දැන් අපි කියමු විනාඩි පහ වෙනුවට පැය බාගයක් දුන්නොත් මොකද වෙන්නෙ ? මෙතන ඉන්න රිලවා පනින් නැද්ද එහාට ? මේ වත්තෙ ඉන්න රිලවා එහා වත්තට පනිනවා. ඒ වත්තෙ ඉන්න රිලවා මෙහා වත්තට පනිනවා. ඒ නිසා මුං එක තැනක නැහැ.

දෙසැම්බර් 31 වෙනිදා රෑ 12 ට මුළු ලෝකෙම එක මිටට සෙට් වෙන්නැද්ද ? සෙට් වෙනවා. අප්‍රේල් අවුරුද්දට හිසතෙල් ගානකොට, ඉඳුල් කටගානකොට, කිරිබත් කනකොට, සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන සියලුම ජන කොටස් එක මිටට කැටි වෙන්නැද්ද ? කැටි වෙනවා. ඉතින් ඒ වාගේ 15 වෙනිදා උදේ අටේ සිට අටයි පහ දක්වා මේ කාලය තුළ මුළු රටම එකට පෙළගැහෙන්න ඕනෙ.”

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මේ බව පැවසුවේ මහව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *