තව වසරක් දෙකක් වැනි කාලයක් තුළ වාහන සඳහා පනවා ඇති බදු ලිහිල්වන තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.
වාහන ගෙන්වීමට කටයුතු කරන කරන ලද්දේ දැනට ඇති විදේශ විනිමය සංචිත සම්බන්ධයෙන් අවබෝධයක් සහිතව බව පැවසූ ඔහු උපරිමය ඩොලර් බිලියනයකට යටත්ව වාහන ගෙන්වීමට කටයුතු කරන බව ද කියා සිටියේය.
දැනට වාහන සඳහා බදු පනවා ඇත්තේ යම්කිසි පාලනයක් ඇති කිරීමට සහ රජයට විශාල බදු ආදායමක් බලාපොරොත්තුවෙන් බව ද ඒ මහතා පෙන්වා දෙයි.
කොළඹ දී මාධ්‍ය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.