අවුරුදු තුනේ තනතුර රොෂාන්ට මාස හයෙන් එපා වෙයි… ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් ඉල්ලා අස්වෙයි…!

September 5, 2025 at 5:32 pm | by Namal

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ සඳහා ඔහු පෞද්ගලික හේතූන් බලපා ඇති බව සඳහන් කර ඇති අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ප්‍රවර්ධනය විය යුතු බව ද පෙන්වා දෙයි.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් 2025 පෙබරවාරි 14 වන දිනැති ලිපියක් මගින් රොෂාන් මහානාම 2025-2028 ධූර කාලය සඳහා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී.

ඔහු එම පත්වීම භාරගෙන තිබුණේ 2025 පෙබරවාරි 20 වනදාය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *