අමෙරිකානු ඩොලර් මිලියන 650ක පමණ ඍජු ආයෝජනයක් සහිතව සූර්යාලෝකයෙන් විදුලිය ලබා දීමේ ව්‍යාපෘතිය සඳහා නිවාස 11,000ක් තෝරාගෙන අවසන් බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කියයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මොනරාගල, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය, වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්ක 11හි රජයේ ඉඩම්වල ගම්මාන වශයෙන් ආරම්භ කර ඇති මෙතෙක් ඉදිකර අවසන් නොමැති නිවාස ඉදිකිරීම් අවසන් කර සූර්යපැනල මඟින් විදුලිය ලබාදීම පළමු අදියරේදී සිදු කෙරෙනු ඇත.
මෙහිදී අඩක් නිම කළ අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් තෝරා ගෙන අදාළ නිවාස ඉදිකර සූර්ය පැනල සවි කර දීමට යෝජනා කොට ඇති අතර මේ වන විට තෝරා ගෙන ඇති අඩක් නිම කළ නිවාස 11,000ට අමතරව තවත් නිවාස 14,000ක් තෝරා ගැනීමට නියමිතය.
ඊට අමතරව මෙම ව්‍යාපෘතිය මඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500ක පුනර්ජනනීය බලශක්තියක් එකතු කිරීමට ද අපේක්ෂිත ය.
ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 650ක පමණ ඍජු ආයෝජනයක් සිදු කෙරෙන අතර එමගින් වසරකට ගිගාවොට් 648ක ප්‍රමාණයක විදුලිය ජනනය කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම විදුලි උත්පාදනය හේතුවෙන් මෙරටට වාර්ෂිකව ඉන්ධන තෙල් ආනයනය කිරීම සඳහා වැය වන අමෙරිකානු ඩොලර් මිලියන 116.64ක් ඉතිරි වනු ඇත.